ශ්‍රමිකයන් බලගන්වමු! මැයි දිනය සමරමු!

ලෝකයේ ප්‍රබලම ශක්තිය කම්කරු ශක්තියයි. සියලු ආණ්ඩු, යෝධ ව්‍යාපාර, ප්‍රබල මුල්‍ය ආයතන පවතින්නේ කම්කරුවාගේ දහඩිය මතනි.

නමුත් කම්කරු දිනය අප රටේ දේශපාලන රැලි බවට පත්කර ඇත. පරිනත හා අවබෝධමත් කම්කරු සමිතියක් ලෙස TEDA මෙම තත්වය වෙනස් කිරීමට පුරෝගාමීත්වය ගත යුතුව ඇත.

මැයි 01 වෙනි දින පක්‍ෂ දේශපාලනයෙන් තොර කම්කරු හඬ රැව්දෙන දිනයක් බවට පත් කළ යුතුය. පැය 08ක වැඩ මුරය ලබා ගැනීම වෙනුවෙන් 1887 නොවැම්බර් 11 අමරිකාවේ කම්කරු නායකයින් තම ජිවිත පුජා කලහ, සිරගතව සිටි කම්කරු නායකයින්ට තම අරගලය පාවාදී තම ජිවිත ආරක්ෂා කරගත හැකිව තිබුනද, ඔවුන් එසේ නොකළේ සැබෑ කම්කරු ජයග්‍රහණයන් වෙනුවෙනි. එහෙයින් එවැනි අරගල හරහා දිනාගත් ලෝක කම්කරු දිනයේදී, එදා ජිවිත පුජා කරමින් අපගේ අයිතීන් රැකදුන් එම කම්කරු නායකයින්ට නිගාදෙමින් මැයි දිනය තවත් නිවාඩු දිනයක් කරගෙන හුදු විනෝදය සඳහා එම දිනය යොදා ගැනීම අපේ යුතුකමද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත.

එබැවින් මැයි දිනය පක්‍ෂ දේශපාලනයෙන් තොර කම්කරු හඬ රැව්දෙන දිනයක් බවට පත්කිරීම උදෙසා ඔබ සැමටත් ආරාධනා කර සිටිමු. මේ සඳහා ලංකා බැංකු සේවක සංගමය, CMU, UPTO, CESU යන සේවක සංගම්ද සහභාගී වේ. මෙලෙසින් අනෙකුත් කම්කරුවන් සමඟ සංවිධානගත වීමෙන්,

  1. වඩා ප්‍රබල හඬක්
  2. පොදු කරුණු වලදී ශක්තිමත් විසඳුමක්

අපට ලබා ගත හැක.

මැයි රැලිය ස්ටැන්ලි ජෑන්ස් පිටියෙහි පැවැත්වෙන අතර

දිනය  : මැයි මාස 01වන දින

වෙලාව : පස්වරු  02.00

ස්ථානය:  ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් ආරම්භවේ.

 

මේ සඳහා එකතුවෙන මෙන් ඔබ සැමගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු!!

 

~TEDA විධායක කමිටුව~

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *